මම තුමා යනු නරුමවාදියෙකි.මඩ
ගසන්නෙකි. හතරැස් ලෝකයේ අහු මුල් අතර සැරිසරන බඩගෝස්තරවාදියෙකි. ඒ ඇතිය. කතාව
මෙසේය.
මහ විහාගයෙන් පසු course එකක් කරන්න සිතුනේ ඉගෙනීමකට ඇති ආසාව නිසා නොවන බව මම දනිමි. A/L දීද Maths තෝරා ගත්තේ Maths පුළුවන් නිසා නොව Bio බැරි නිසාය. නමුත් අන්‍යයන් එය නොදනියි. තාමත් මා ගෙදරට කිරි බොන පොඩි
එකාය. එම නිසා සැම දිනකම සවසට කිරි තේ එක ෂුවර් ය. නිකං ගෙදරට වී සිටිනවාට වඩා
යමක් ඉගෙනීම අගනේය යන බව අපේ අම්මා තරයේ ඇදහූ නිසා මා හට Aquinas වෙත පිය
නගන්නට සිදුවූයේ කළ හොද පස්සෙන් එන බව සිහිකරගෙනය.
Reception අක්කාගේ සුහදශීලීත්වය තිබුනේ මුදල් ගෙවන තෙක් පමණි. ඇය හැටහතරෙන් දෙකක් දාන
විට මා මුදල් ගෙවා අවසන් ය. උගන්වන ගුරුවරියන්, ගුරුවරියන් ට වඩා
සහෝදරියන් බව පවසා මා නොමග යැවීමට මගේ ලගම සගයෙකු උත්සාහ කළ ද මානෙල් විලේ ද මැඩියන් සිටින බව
පංතියට ගිය පසු මට ප්රත්යයක්ශ වුනි. පාඨමාලාවේ උපදෙස් පත්‍රිකාවේ පිරිමි ළමුන් විසින් ගැහැනු
ළමුන්ට තම සහෝදරියන් ට සේ සැලකිය යුතු යැයි සටහන්ව තිබුනද Compo මිස් විසින් පංතිය දෙකට බෙදන බැවින් සහෝදරත්වයේ දෑත දිගු කිරීමට ඇති
අවස්ථා ගනන අවම වේ.
අප සිටිනා
ගොඩනැගිල්ල පුරාණ ගෘහ නිර්මාන තාක්ෂනයට අනුව නිපදවන ලද්දකි. එහි පඩිපෙලවල් පරීක්ෂා
කිරීමට ඉදිරිපත් වූ සමහරු රෝල් ගැසූවද, යටියන්තොට නොගොස් බේරුනේ අනූ හතරහමාරෙනි.
ලෝකය ගෝලාකාරයි
මිනිස්සු විවිධාකාරයි ලෙස පැවසුවද ඉන්ටවල් එකේදී නම් සැවොම ඒකාකාර යැයි මට සිතේ.
හරියටම උදෑසන 10:22 යි තත්පර 23 ට අපට විවේකයක් ලැබේ. එක බත් පතට 6 දෙනෙක් සෙට්
වෙන අප, මහ කන්නයේ
වී වපුරන්නා සේ වැඩ ඇල්ලීම අරඹයි. පංතියේ සගයන් ගැන සදහන් කිරීමට වෙනමම ලිපියක්
ලිවිය යුතු වුවද මම වෙනත් ලිපියක් නොලියන හෙයින් ඒ ගැන මෙහිදීම සටහන් කරමි.
පංතියේ මුඵ ළමයින් ගනන
19 කි. කෙල්ලන් 11 + කොල්ලන් 8 = ළමයි 19 වේ. ගතවූ මුල් දින දෙක තුනේ දී තණකොල කෑ
සිංහයෙකු සේ හැසිරුනද මේ පුතා කලඑලි බහින්නේ ඉන් පසුවය. ගීත ගැයීමට හසිනි සේම පවනී ද එක සේ දස්කම් පායි. නමුත් solo
singing 1st ගැහුවේ දිසල්ය. ඔහු “බැට් මෑන්” ගේ දුර නෑයෙකි. උදානි ට 2nd
place නොලැබීමේ වරද
විනිසුරුවරුන් විසින් භාර ගත යුතුය. Group song එක හය පාරක් මාරු කිරීමට සිදුවූයේ හසිනි සහ පවනී විසින් තමා තුල සගවාගෙන
සිටි සංගීත කුසලතා එළිදැක්වීමට යාම හේතුවෙනි. දෙදෙනනාම Recitation වලටද දක්ෂය. නමුත් තරග
දිනයේදී සහභාගී නොවූයේ නොවැලැක්වියහැකි හේතුවක් මත shopping කර තිබූ නිසා ය. නමුත් steps හැදීමේදී දෙදෙනාම
කළ මෙහෙය ඇගයිය යුතු ය.ඒ මොකක් වුනත් volume වැඩිම voice එක ඇත්තේ සහන් සතුව ය. දිසල් තමාගේ රැවුල නොකපන්නේ මන්දැයි දන්නේ ඔහු පමණි.
නමුත් සහන් රැවුල නොකපන්නේ මන්දැයි දන්නෝ දනිති. නොදන්නෝ ද දනිති.
භාතිය හෙවත් ඇටයා වූ
කලී පංතියේ සුරතලා ය.උගන්වන ගුරුවරියන් හා ඔහුගේ නිවැසියන් හැරුන විට අන් සැවොම
මෙහිදී මා හා එකග වේ. නාට්‍ය ආලෝකරණයේ විශේෂ හැකියාවක් දක්වන මොහු ආලෝකරණයේදි
මෙන්ම ගොන් පෑමේ දී ද ඵක සේ දස්කම් පායි. Compo මිස්ට පමණක් මොහු සුදු පුතා වීම අපටද ගැටළුවකි. අපගේ පංතියේ නෟකාව
වන්නේ සදුන් ය. කාන්තාරයේ නෟකාව වනාහි ඔටුවා වන අතර පංතියේ ඔටුවා වනාහි මොහුය.දෙතැනදීම ඔටුවා පොදු සාධකය බැවින් මොහු පංතියේ නෟකාව වේ. නාට්‍ය යේදී
සිගන්නෙකුගේ චරිතයකට පණ පෙවූ මොහු නාට්‍ය යෙන් න් පසුව සිගන්නෙකුම වී ඇත.
යුක්ලීඩ් ජ්‍යාමිතියේ
එන සාධනයක් ලෙස උස α බුද්ධිය ලෙස දැක්වේ. එම නිසා විහංගා එහි ඉදිරියෙන් ම සිටියි. නමුත් කොල්ලන්ට සත්‍ය වන්නේ මෙහි විලෝමය බව
පංතියේ උසම කොල්ලා විසින් ප්රායෝගිකවම ඔප්පු කර පෙන්වා ඇත. තිසර පංතියට පැමිණි දින ගනන දන්නේ රෙජිස්ටරය පමණි. වසරකට වඩා වැඩි කාලයක්
ලැප්ටොප් පරිඝනකයක ආවරන ඉවත් නොකර භාවිතා කරන්නෙකු මා දැක ඇත්නම් ඒ ශාරදා ය. බොත්තමක්
එබූ සැනින් දිගහැරෙන කුඩයක් සතු මැය කොණ්ඩා මෝස්තර කලාවෙහි ප්රවීණයෙකි. තවද අධ්‍යාපනය
වෙනුවෙන් ඇය සතියකට 86 km (වීරකැටිය
- ගාල්ල) දිග දුකක් උසුලයි.නාට්‍ය
යේදී කලාත්මක
චරිතයක් ඉෂාරා වෙත ලබා දුන්නේ ඇය උසස් පෙළ කලා විෂය ධාරාවෙන් හදාරා ඇති නිසාම නොවේ
. සදීරා අක්කා අහිංසක ය. අපට වඩා වසරකින් වැඩිමල් ය. එම නිසා අපි ඇයව “අක්කා” යැයි
අමතමු. අක්කා වැලිගම ට යන්නේ දුම්රියේ වුවද ඉෂාරා වැලිගම ට යන්නේ බස් රථයෙනි. මෙය
තනිකරම ලංකා ගමනාගමන මණ්ඩලයට කොකා පෙන්වීමකි. පංතියේ “අයියා” විමුක්ති වුවද ඔහු අපට අයියා වන්නේ වයසින් පමණි. කරන වැඩ මල්ලිලාටවත්
සුදුසු නැත.ළගදී අලුත් ජංගම දුරකතනයක් මිලදී ගත් මොහු මේ වන විට ජංගම දුරකතනයෙන් voice mail යැවීම දක්වා තම දැනුම පුළුල් කර ගෙන සිටී. සදුනි නිහඩ චරිතයකි. රාදිකා ද
නිහඩ චරිතයකි. නමුත් දෙදෙනා එක් වූ විට එතන කාලගෝට්ටියකි. IT lab එකේදී සදුනි මා ගැන කියූ සමහර කාරණා මම වත් දැන නොසිටියෙමි.
නමිල හා හරින්දී එක්ව අපට දැමූ තොප්පියේ කොටස් තවමත් ඉතිරිව ඇත. පංතියේ වැඩිමහල්ම
චරිතය නදීෂා අක්කා නිසා ඇය තම තත්වයට ඔබින සේ හැසිරීමට නිනරම වග බලාගනී.
මාස 3න්
මාසයක්ම English day ය. English day යනු රසවත් සිද්ධි දාමයක ඇරඹුම වේ. සැගවුන දක්ෂතා සගවාගෙන
සිටි සැවොම මෙහිදී එලිපිට පෙනේ පුප්පන්නට තරම් එඩිතර වූහ. අවසානයට තිබූ නර්තන
අංගයේදී ගැහැනු ළමුන් නර්තනයෙන් සක්‍රීයව දායක නොවුනේ ඔවුන්ගේ තිබූ දුර්වලතාවයක් නිසා නොව ඔවුන් අවට ප්‍රදේශයේ පොලව ඇදව තිබූ නිසාවෙනි.
(හැමෝටම අදාල නෑ හොදේ).
Group singing හා Drama එක ගැහුවේ අප ය. දීකිරට බළලුත් සාක්කි කිව්වා සේ Credit එක යා යුත්තේ කාටදැයි සම්බන්දයෙන් සාක්කි දීමට නම් බොහෝ පිරිසක් එහිදී ඉදිරිපත්
වූහ. Grammar ගුරුතුමියගේ නම පද්මාවක්ත්රා ය. මා මෙන්ම ඔබද එවැනි නමක් මීට පෙර අසා
නැති බව සහතිකය. පංතියේ සිටිනා මහත්වරුන්ගේ නොමනා හැසිරීම නිසා උගන්වන පැය දෙකෙන්
පැයක්ම ඇය කරන්නේ සිනාසීම ය. මෙවර විභාගයේ ලකුණු පිළිබදව ඈ ඉතා පැහැදීමෙන් කතා
කරයි. ගිම්හානි ගුරුතුමිය ගැන ලිවීමට තරම් කාරණා මම නොදනිමි. නමුත් මා ගැන ලියන්නට
ඇයට නම් කාරණා බොහෝ ඇති බව නිසැකය. මෙතෙක් සිදුවූ සිදුවීම් වල පටිගත කළ දර්ශන
ඇත්නම් ඒ ඇත්තේ ගීති ගුරුතුමිය සතුව පමණි. ඒ ඇගේ Sony දුරකථනයේ
ආනුභාවයෙනි. මෙම ලිපිය ඇය දුටුවද මට ඉන් ගැටළුවක් නැත ඒ Sony දුරකථන වල Sinhala Unicode නොමැති නිසාවෙනි. Literature, composition හා comprehension ගුරුතුමීන්
ගැන මා යමක් නොලියන්නේ ජ්‍යේෂ්ට පුරවැසියන්ට මඩ ගැසීම නොහොබිනා බැවිනි.
කාරණා මෙසේ වුවද එකට ගෙවූ කාලය අවසන් වීමට නියමිතව ඇත. මතු දා ඔබ සැම කොතැනක වැජඹුනද පාරේ දී දුටු විට අහක නොබලා මා හා සිනාසුනොත් ඒ මිතුදම මට ඇති ය. ඒ අප උනුන් පරයා නැගෙන කදු නොවන නිසාවෙනි