Wednesday, December 30, 2015

ගුරුතුමියෙනි

රැලි වැටුන සාරියට
තිත් වැටුන කුඩයකට
‍හි‍මි‍දි‍රි ‍උ‍දෑ‍ස‍න‍ට
‍ම‍න‍හ‍ර‍යි ‍ඔ‍බ ‍හැ‍ඩ‍ට
නැතත් රුවින් අගතැන්පත්
නෙක දැනුමින් ඔබ පොහොසත්
නූනත් අප ඔබෙ දරුවන්
වුනා මවක් ‍ඔ‍බ ‍දි‍ගු‍කල්‍
නොහැකිය ඔබ සම කෙරුමට
හමිදිරි විකසිත මලකට
සුවඳැති සියපත සිනහව
‍ම‍හෙ‍සක්‍ ‍වි‍ල‍සින්‍ ‍අ‍ග‍න‍ව
දිනයක්ද සතියක්ද ගතවුනේ වසරක්ද
උගෙන ගත්තේ ඔබෙන් දහසක්ද සහසක්ද
වුනා ඔබ ගුරුමව්නි වැඩිමහලු සොයුරියක්
නැත වදන් පවසන්න ඔබ දුන්න දහිරියක්
පාසලට නොආවේ සිත රිදුමට නොව ඔබේ
කුමක් කරම්ද තුමියනි තිබෙන අපේ කොලුකමට
කළා යුතුකම ඔබේ
නොකෙරුවත් අපි අපේ
සිනාව ඔබෙ මුව රැදී
යු‍තු‍කම්‍ ‍සි‍හි ‍ක‍ළ ‍හැ‍ටී

ඉදින් ගුරුතුමියනි.........


ගතවූවත් කල එලෙසේ‍

නොමැතත් වාරු ඔබ හැර යන සේ
හැර ගියතත් ඔබ අප ‍මෙලෙසේ
නොම යයි මතකෙන් කිසි දිනේ

No comments:

Post a Comment