අදත් කියන්‍න
යන්‍නේ වෙනුරයා නුයි චතුමලුයි
එක්‍ක සෙට් වෙලා ගහපු නයිට් සීසන් එකක් ගැන. ආ අමතකවුනානෙ
මීට කලින් උන් දෙන්‍න ගැන කියල නෑ නෙ මේකට හේතුව තමයි මුන්
දෙන්‍න වටා ගෙතුනු කතා කීපයක්‍ම ලිවුවත් මුලින්‍ම පෝස්‍ට් කරේ මේක. කමක් නෑ වෙනුර යි චතුමලු යි කියල
ඩබලක් ඉන්‍නවයි කියල දැනට ඉස්‍සරහට යමුකො. උදේට මොකෙක්‍ගෙ හරි ගෙදරට සෙට් වෙලා හවස්
වෙනකං මොකක් හරි පාඩං වැඩක් කරල(නාම මාත්‍රිකකව හරි) හවසට
ගෙදර යන්‍න පුරුදු වෙලා හිටිය අපි නයිට් ගහන්‍න සෙට් උනේ
මොන මගුලකට දැයි තාමත් මම හරියටම දන්‍නෙ නෑ. මට මතක හැටියට, නයිටක් ගසන අයිඩියා එක
දැම්‍මේ අරුං දෙන්‍නාගෙන් එකෙකි. කොහොම හරි සාකච්‍ඡා වට කීපයකට
පස්‍සෙ මල් ලගේ ගෙදරට සෙට් වීමට කතා කර ගත්ත. ඒ මා මුලින්‍ම මල්
ලගේ ගෙදර යන දවස ය. මීට
කලින් ඒ පැත්‍ත පලාතකවත් ගිහින් නොසිටි මා එහේ ගියේ මොන හෙනයක් ඔලුවට පාත්‍වේදැයි
සැකයෙනි. හැබැයි මගේ ඒ සැකය තිබුනේ කුඩා කාලයකි. මොකද එහේ ගිය පසු මොනම හෙනයක්‍වත්
මගේ ඔලුවට පාත් නොවුණි. මම එහේට යනවිට මූ ෂර්ට් එකකුත් නැතුව
බුරියත් එලියෙ දාගෙන ෆෝන් එකෙන් මොකද්‍ද ජිල්‍මාට් එකක් දදා
තාප්‍පෙට හේත්‍තුවක් දාල හිටියෙ නිකං ජිමා මල් කුමාරිට
ලයින් දාන ඉරියව්‍වෙනි. එහෙත් ඒ වන විට රෑ බෝ වී තිබූයෙන්‍ද
පාරේ වෙනත් බලු බල්‍ලෙක්‍වත් නොවූයෙන්‍ද මොහුගේ එම ඉරියව්‍ව
පිලිබඳව ඒ තරම් ගැටඵවක් පැන නොනැගිනි.(මම පස්‍සෙ දැනගත්‍තෙ, ඒ පැත්‍තෙ ඉන්‍න ඔක්‍කොම ”අක්‍ක” මල් කුමාරියො). කටයුතු එසේ සිද්‍ද
වෙන අතර වාරයේ විශයන් තුනේම පොත්
අරගෙන වෙනුරයා ඇවිත් තිබුනේ කොහෙන් ප්‍රශ්‍නයක් ඇහුවත් උත්‍තර
දෙන ලයින් එකෙන් ය.ඔය නයිට් ගහන්‍න ආපු මුල්‍ම කාලෙ අපි හිතං හිටියෙ අපි
නිකං මෙන්‍න මේ වගේ එවුං කියල ය.
.
කළ යුතු වැඩ
බොහෝ තිබූයෙන් ආගිය තොරතුරු සාකච්‍ඡා කිරීම පැයකට පමණ සීමා කිරීමට අප වග බලාගතිමු. ඉන්‍පසු
වල්‍පල කතා කිරීමට හා වල් නැති පල කතාකිරීමට පිළිවලින් පැය භාගෙකුත්
විනාඩි තිහකුත් පමණ වැය කළෙමු. ඒ සියල්‍ලක් අවසානයේ වත්
වැඩක් කරන්‍න සිතූ අප පොත් අතට ගත්‍තා පමණි. අරුන් දෙන්‍නාගෙන්
එකෙක් තව මොකක් හරි කතාවක් පටංගත්‍තේ ය. නැවතත් විවිද තර්‍ක
විතර්‍ක මධයයේ පුලුල් සාකච්‍ඡාවකට මුල පිරූ අපි එම මාතෘකාව
ඔස්‍සේ අතු විහිදමින් තවදුරටත් ඉඩිරියට ගියෙමු කතාව කොහෙන්
පටංගත්‍තත් මාතෘකාව වෙන්‍නේ නිතරම කොහේහරි ඉන්‍න ගෑණු ළමයෙකි. එමනිසා එවැනි මාතෘකා බොහෝවිට පුලුල් සංවාද සඳහා විවෘත වේ.
සමහර ඒවා තැපෑලෙන් වදින තරමටම පුලුල් වේ. සුපුරුදු පරිදි ඒ ලෙවල් පත්‍තක දමා එදින ද අහක සිටි ගෑණු ළමයි කීප දෙනෙකුගේ
පවුල් ප්‍රශ්‍න කීපයකට ජයග්‍රාහීව
විසඳුම් ලබා දීමෙන් අනතුරුව නිදාගත්තේ හොම්‍බෙන් යන ඕගනික් ගානක්
ලෙසටම විසඳීමෙන් අනතුරුව අන්‍තිම උත්‍තරේට ඉරි දෙකකුත්
ගහපු දොළහ වසරේ කොල්‍ලන් මෙනි.
අ/සාර්ථක ආරම්‍භයකින්
අනතුරුව දෙවනි පාරට සෙට් වුනේ
වෙනුරයගෙ ගෙදරදී ය කොහෙද තිබුන පත්‍තරේක තිබුන සීන් එකකින්
පස්‍සෙ වෙනුරයා ඒ වන විට අමුතු තියරියක් ඔලුවෙ ඔබාගෙන සිටියේ
ය උගේ අයිඩියා එක වී තිබුනේ එකම පේපරයක් තුන්‍දෙනාම කරල
ඒට පස්‍සෙ ඒක මාරුකරල හරි වැරදි ලකුනු කරන එකය නමුත් සාමාන්‍ය
ක්‍රමයෙන් මුගේ ලොජික් එකේ තිබුන
අපගමනෙ තමයි ලකුනු දානකොට අම්‍ම මුත්‍තගෙ කාලෙ ඉඳල තිබුන තරහ මරහ ඔක්‍කොම පේපරේ මත සමපාත කිරීම ය. එවැනි කූට උපක්‍රම
තුලින් ඒ ලෙවල් සෙනිකව ගොඩ දා
ගත හැකි බව ඌ තරයේම විශ්‍වාස කළේ ය. මුගේ තියරිය නිසා
ස්‍ට්‍රක්‍චර්ඩ් පේපර් එකට එකෙකුටවත් විසි පහකට එහායින් නොතිබුනි.
මේ පාරවත් ගොඩ යන්‍න සිතා සිටි අපේ එවුන් ලකුණු දැක්‍කයිම්
පස්‍සෙ ලත් තැනම ලොප් වී භූගත විය. සෙනිකව ඇතිවෙන හදිසි භූගතවීම් වලින් අනතුරුව නැවත සමතුලිතතාවට
එලඹීමට පැය කීපයක කාලයක් එළඹෙන
බැවින් එදිනට නියමිත විකාශන කටයුතු එතනින් නිමා කිරීමට
අපි තීරණය කළෙමු.
මේ නයිට්
ගැහිල්‍ලත්, පාඩම් කිරීමත්, අපිත් අතරේ තිබ්‍බෙ අන්‍යොන්‍ය වශයෙන්
බහිශ්‍කාර සම්‍බන්‍දයකි. එක එකක් අතර කිසිම සම්‍බන්‍දයක් නැත. එකකට ගියිත් කරන්‍නේ
වෙනත් වැඩකි . විභාගෙට සති තුනක් විතර තියල සෙට් වෙච්‍ච වෙලාවක
ගේම් ගහල එක පාරක් වෙනුරයයි අම්‍මට අතේ මාට්‍ටු වුනා ඇන්‍ටි
එදා කැම්‍පස් ලෙක්‍චරයක් දුන්‍නත්, ඊට පස්‍සෙ සතියෙ කැරම් ගහල
මාට්‍ටු උනාම මුකුත් කිව්‍වෙ නෑ. ඒ සිද්‍ධාන්‍තය විසඳන්‍න එක්‍ස්‍ප්‍ලොනේෂන්‍ස්
කීපයක් තිබ්‍බත් ආත්‍ම අභිමානය පිළිබඳ ගැටලු නිසා ඒ ගැන නොලියන්‍න
හිතුවා. ආ තවත් දවසක
ඔහොම බොරුව කර කර ඉඳල උදේ පහට විතර නිදාගත්‍තයි කියහන්‍කො... මෙන්‍න යකෝ
ඒ ගැම්‍මටම අරුං ගෙ අම්‍ම උදේ හතට විතර කතා කර නෙ, ගෙදර
එන්‍නෙයි කියල. එම කෝලප් එකෙන් භාහිර සාධක වලට බලපෑමක් වූ වූ බැවින් සෙන්‍ටිමෙන්‍ටල් ලොජික් එකකට හීනෙන්
ගහ ගහ හිටපු මනෝපාර එතනම අව්‍ක්‍ෂේප වේ ගියේ ය. ඒ පාර නිදිමතේ
නැගිටල යන්‍න හදනකොටම වෙනුරයයි අම්‍ම උදැල්‍ල දාල උදේට කාල
යන්‍නෙයි කිවුවා. තේ බීලම ඩේට ලිමිට් පැනල තිබුන අපේ බඩවල්
ඕක ඇහුනයින් පස්‍සෙ ලෙසටම අක්‍මාව
දෙසට යූ ටර්න් ගහන්‍න පටං ගත්‍තා.ඒ කොහොම උනත් ඒ මනුස්‍සය බලෙන්‍ම වගේ කිර්‍බත් කැට
කීපෙකුත් ගිල්‍ලල තමෛ අපිව ගෙදර යැව්‍වෙ. ගෙදර යනකම් කොහොමහරි
හිත හයියෙන් හිටියත් ගෙදර ගියයිම් පස්‍සෙ නම් ඉතින් ඊළඟ ආත්‍මෙ
පවුත් තැපෑලෙන් පඩිසන් දෙන්න පටං ගත්‍තා. වැසිකිලි දෙයියොන්‍ට පින් අනුමෝදම්
කරන එක තමයි ඉතිං දවසෙම කරේ..
ටු බී කන්‍ටිනියුඩ්.............
No comments:
Post a Comment