Thursday, April 14, 2016

මනෝ පාර

‍ඈ ‍මො‍කක්‍? ‍වර්‍ගඵ‍ල ප්‍ර‍සා‍ර‍නය? ‍හා ‍හා ‍මේ ‍ලි‍යා‍ගන්‍‍නො!
‍ඈ ‍මො‍කො ‍නි‍කන්‍ ‍ප‍රි‍ස‍ර‍ය භ්‍රම‍ණ‍ය ‍වෙ‍න‍ව ‍ව‍ගේ.....

‍නෑ ‍ඉ‍තින්‍ ‍මං‍ වි‍භා‍ගෙ ‍පාස්‍  ‍වේ‍වි ‍නේ! ‍
ඊ‍ට ‍පස්‍‍සෙ ‍මො‍කෝ ‍ක‍රන්‍‍නෙ? 

ඔක්‍‍කො‍ට‍ම ‍ක‍ලින්‍ ‍කැම්‍‍පස්‍ ‍එ‍ක‍ක‍ට ‍පැ‍න‍ගන්‍‍න ‍එ‍පැ‍යි.. ‍මො‍න ‍කැම්‍‍පස්‍ ‍එ‍ක‍ට‍ද ‍යන්‍‍නේ ‍මො‍කක්‍ ‍උ‍නා‍ම ‍මො‍කෝ, ‍කැම්‍‍පස්‍ ‍එ‍කක්‍ ‍නෙ. කැම්‍‍පස්‍ ‍ගි‍ය‍යිං‍ ‍පස්‍‍සෙ ‍හො‍යා‍ගන්‍‍න‍ව ‍සු‍පි‍රි ‍ජො‍බක්‍ ‍ලක්‍ෂ ‍දෙ‍ක‍ක  ‍තු‍න‍ක ‍වි‍ත‍ර  ‍ප‍ඩි‍යක්‍ ‍හම්‍‍බෙ‍න!
හෝව්‍ හෝව්‍....

‍ඔක්‍‍කො‍ට‍ම ‍ක‍ලින්‍ ‍ගෑ‍නු ‍ල‍ම‍යෙක්‍‍ව ‍යා‍ලු‍ක‍ර‍ගෙ‍න ‍ඉන්‍‍න ‍ඕ‍න ‍ක‍වු‍රු ‍උ‍නත්‍ ‍ක‍මක්‍ ‍‍නෑ ‍ලස්‍‍ස‍න ‍ගු‍ණ ‍ය‍හ‍පත්‍. ‍යා‍ළු‍වෙ‍ලා ‍බඳි‍‍න‍ව‍ද ‍නැත්‍‍තන්‍ ‍ගෙ‍ද‍රින්‍ ‍ගේ‍න ‍එ‍කක්‍ ‍සෙට්‍ ‍ක‍ර ‍ගන්‍‍න‍ව‍ද... ‍හ‍පෝ ‍අ‍ර‍ක ‍චා‍ටර් ‍යා‍ලු‍වෙ‍ලා‍ම ‍බඳි‍‍න‍ව... ‍දැන්‍ ‍කාවද යාළු කරගන්නෙ?‍ නං‍‍ගි ‍කෙ‍නෙක්‍‍ව ‍ද ‍නැත්‍‍තන්‍ ‍අ‍පේ ‍ව‍ය‍සෙ ‍කෙල්‍‍ලෙක්‍‍ව‍ද...  ‍ක‍මක්‍ ‍නෑ ‍එක්‍‍කො ‍ඒ‍ක ‍පස්‍‍සෙ ‍හි‍ත‍ල ‍බ‍ල‍න‍ව! ‍

නැන්‍‍දම්‍‍ම ‍උ‍දැල්‍‍ල ‍දැම්‍‍මොත්‍ ‍මො‍කෝ ‍ක‍රන්‍‍නෙ?
නෑ ‍නෑ ‍මේ‍ක ‍ලස්‍‍ස‍න ‍අ‍හින්‍‍ස‍ක ‍ක‍තා‍වක්‍... ‍ඒ ‍ව‍ගෙ ‍ද‍රු‍ණු ‍සීන්‍ ‍මේ‍කෙ ‍නෑ

‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍මො‍කෝ ‍ක‍රන්‍‍නෙ?... ‍

එ.ජා.ප ආණ්ඩුවක් ආපු එකේ ගන්‍‍න‍ව ‍ලෙ‍ස‍ට‍ම ‍වා‍හ‍න‍යක්‍!
‍මො‍කද්‍‍ද ‍ගන්‍‍නෙ....       
ගන්‍‍න‍ව ‍හොන්‍‍ඩ ‍වෙ‍සල්‍ ‍එ‍කක්‍ ‍නැත්‍‍තන්‍ ‍බී ‍එම්‍ ‍ඩබ්‍‍ලිව්‍ ‍එ‍කක්‍...

‍හෝව්‍ හෝව්‍.... ‍දැං‍ ‍මේ ‍සීන්‍ ‍එ‍ක ‍වෙ‍න‍කො‍ට ‍කැම්‍‍පස්‍ ‍එ‍කෙන්‍ ‍අ‍වුට්‍ ‍වෙ‍ලා‍ද?

‍නැ‍තු‍ව ‍මා‍ස ‍දෙ‍ක ‍තු‍නක්‍ ‍ජො‍බ‍කුත්‍ ‍ක‍ර‍ල ‍ඉ‍ව‍ර‍යි...
‍‍හ‍රි ‍හ‍රි ‍දැං‍ ‍අ‍ර ‍වා‍හ‍න‍යක්‍ ‍ගන්‍‍න‍වෛ ‍කිව්‍‍ව‍නෙ, ඒ දෙකෙන් මො‍කක්‍‍ද ‍ගන්‍‍නෙ..
‍‍‍
බ‍ල‍මු ‍වෙ‍සල්‍ ‍එ‍කක්‍ ‍ප‍ණ‍හක්‍ ‍වි‍ත‍ර ‍වෙ‍න‍ව.. ‍එ‍ත‍කො‍ට ‍මා‍සෙ‍ට ‍ලක්‍ෂෙ‍ ‍ගා‍නෙ ‍ප‍ඩි‍යක්‍ ‍ගත්‍‍තොත්‍ ‍මා‍ස ‍ප‍ණ‍හක්‍ ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍අ‍වු‍රු‍දු ‍හ‍ත‍රක්‍ ‍වි‍ත‍ර ‍ය‍න‍ව ‍බෑ ‍බෑ.... ‍‍මා‍සෙ‍ට ‍ලක්‍ෂ ‍දෙ‍ක‍ක ‍ප‍ඩි‍යක්‍ ‍හම්‍‍බෙ‍න ‍රස්‍‍සා‍වක්‍ ‍හො‍යා ‍ගන්‍‍න‍ව. ‍එ‍ත‍කො‍ට ‍අ‍වු‍රු‍දු ‍දෙ‍කෙන්‍ ‍වැ‍ඩේ ‍ශේප්‍... ‍හ‍රි‍නෙ.

‍එ‍ත‍කො‍ට ‍බී ‍එම්‍ ‍ඩබ්‍‍ලිව්‍ එක?

මො‍කක්‍ ‍උ‍නත්‍ ක‍මක්‍ ‍නෑ ‍දෙ‍ක‍ම ‍ඒ ‍සී ‍නෙ. ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍බැඳ‍ගන්‍‍න‍ව ‍යා‍ළු‍වෙ‍ලා ‍ඉන්‍‍න ‍කෙල්‍‍ල‍ව. ‍ගන්‍‍න‍ව ග්‍රෑන්‍ඩ්‍ ‍වෙ‍ඩින්‍ ‍එ‍කක්‍ ‍ජා‍ති ‍ලෙ‍ස‍ට‍ම.
‍නෑ නෑ.. ‍එක්‍‍කො බැන්‍‍ද‍යින්‍ ‍පස්‍‍සෙ ‍ගන්‍‍න‍ව ‍වා‍හ‍න‍යක්‍! ‍‍ඔව්‍ ‍ඉ‍තින්‍ ‍ඒ‍කත්‍ ‍න‍ර‍ක‍ම ‍නෑ.
‍නෑ එක්‍‍කො ‍ඒ‍කත්‍ ‍පස්‍‍සෙ ‍හි‍ත‍න‍ව
‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍ග‍හ‍න‍ව ‍ප‍ත ‍ස‍යිස්‍ ‍ගෙ‍යක්! ‍නි‍කං‍ ‍නෙ‍වෙ‍යි  ‍තට්‍‍ටු ‍දෙ‍කේ ‍එ‍කක්‍. ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍හ‍ද‍න‍ව ‍ළ‍ම.... ‍නෑ ‍නෑ ‍ඒ‍ව කියන්න ‍ඕ‍න ‍නෑ.

‍හ‍රි‍ද ‍දැං‍ ‍ඉ‍ව‍ර‍ද?

‍හ‍පෝ ‍පිස්‍‍සු‍ද? ‍තා‍ම ‍ළ‍ම‍යි ‍ඉස්‍‍කෝ‍ල ‍ව‍ල‍ට ‍දැම්‍‍මෙත්‍ ‍නෑ ‍නෙ! ‍ත‍ව ‍වැ‍ඩ ‍ති‍ය‍න‍ව. ‍ආ ‍අ‍ම‍ත‍ක‍වු‍නා  ‍ඔක්‍‍කො‍ට‍ම ‍ක‍ලින්‍ ‍කෙල්‍‍ල ‍එක්‍‍ක ‍කො‍හේ ‍හ‍රි ‍ටු‍වර් ‍එ‍කක්‍ ‍දාන්‍‍න ‍ඕ‍න..
‍ත‍ව ‍මො‍න‍වෛ ‍ති‍යෙන්‍‍නෙ?
‍‍ත‍ව ‍ඉ‍තිං‍ ‍ළ‍ම‍යින්‍‍ට ‍ක‍ව‍ල ‍පො‍ව‍ල ‍ලො‍කු ‍ක‍රන්‍‍න‍ එපැ‍යි‍ ඉ‍තිං...‍  බ‍ල‍පං‍...ඊ‍ට ‍පස්‍‍සෙ ‍ඉ‍තින්‍ ‍අම්‍ම්‍‍ට ‍තාත්‍‍ත‍ට ‍ස‍ල‍ක‍ගෙ‍න ‍ඉන්‍‍න‍ව.. ‍ඊ‍ටත්‍ ‍පස්‍‍සෙ ‍ඉ‍තිං‍ .......

‍ආ ‍මො‍කද්‍‍ද? ‍නැන්‍‍දම්‍‍ම ‍එ‍න‍ව? ‍මො‍කද්‍‍ද ‍බං?...‍ ‍තේ‍රු‍නෙ ‍නෑ
...............................

ඒ අඩෝ අන්න සර් කාරය මේ පැත්තට එනව.. නැගිටපන්.....



No comments:

Post a Comment