වියසිදුරෙන් ලොව දක්නට
වරම් නොමැති සහෘදය
යදම් වලින් ඔබෙ ලෝකය
බදිනු බැරිය සහෘදය
නිමක් නොපෙනෙනා ලෝකය
කුරිරු කිමද සහෘදය
ඔබට එකක් මට තවෙකක්
ඇයිද මෙලෙස සහෘදය
තණ අග පිණි බිදු උදයට
දරයි වීර සැගෙන්න
රිවි කිරණත් පිණි බිදුවත්
නොහැක එකට දකින්න
ඔබෙ දිවියත් තණ අග පිණි
බිදුවක් නොම සිතන්න
සමාව දෙනු සොදුරු වදන්
නොමැත ඔබට කියන්න
බලවතුන්ගෙ අරගලයෙදි
දුක් විදින්නෙ අප ඔබ
අරමුණ ජය ගත් නිතැතින්
අතහැර යයි ඔහු ඔබ
අතැර නොයන් ලද දිවි මග
ගෙවායන්ට පෙර ඔබ
මඩ ගොහුරෙත් මානෙල් ඇත
හොදින් සිතට ගනු ඔබ
මහ වැහි වැස්සද දවසක
පායන බව සිතන්ට
කළු වලාවෙ රිදී ඉරක්
ඇති බව සිහියට ගන්ට
අද නොවෙතත් මතු දිනයක
ලැබෙයි ලොවක් ඔබ හට
එළිය දකින්නට අදුරෙන්
ඇරයුම් කරනෙමි ඔබට
~ ~ නවියා ~ ~
No comments:
Post a Comment