නවියා ලඟදි නුවර එළියෙ ගියානෙ. එහේදි ඇවිදපු තැන් වලින් වැඩිය කාගෙත් අවධානයට
ලක් නොවෙන තැනක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මොකද්ද මේ ලවර්ස් ලීප් කියන්නෙ. ඇත්තටම මේ ලවර්ස් ලීප්
කියන්නෙ දිය ඇල්ලක්. නුවර එළියෙ ඉඳල කිලෝමීටර් 2ක් විතර ඈතින්, හාවෙලිය කියන ප්රදේශයේ තමයි මේ ලවර්ස් ලීප් තියෙන්නෙ. නවියත් එක්ක තවත් යාලුවො කීප දෙනෙකුත් එකතුවුනා
මේ ගමනට. මුලින්ම මේ දිය ඇල්ලට ලවර්ස් ලීප් කියන නම
ලැබුනෙ කොහොමද කියල බලමුකො…. ලවර්ස් (lovers) කියන්නෙ ආදරවන්තයින්,
එතකොට ලීප් (leap) කියන්නෙ පනිනව එහෙමත් නැත්නම් ඇද වැටෙනව වගේ
අදහසක්. මේකෙ නිධාන කතාව නම් නමට ගොඩක්
දුරට සමානයි. ඒකෙ කියවෙන විදියට ඉස්සර ඉඳපු
රාජ කුමාරයෙක් මේ පැත්තෙ ඉඳපු ගෑණු ලමයෙක් එක්ක යාලු වෙලා
තියෙනව. හැම නවකතා පොතකම තියෙනො වගේ මේ
ආදර කතාවටත් උදැල්ල වැටිල තියෙනව. පස්සෙ මේ දෙන්න මේගොල්ලගෙ ආදරය අමරණීය වෙන්න
කියල මේ දිය ඇල්ලෙන් පහලට පැනල තියෙනව. කතාවෙ ඇත්ත නැත්ත නම් නවියා දන්නෙ නෑ. හැබැයි මේකතමයි ජනප්රවාදය කියල තමයි නවියට නම්
දැනගන්න ලැබුනෙ. කොහොමහරි හාවෙලිය ටවුමෙ ඉඳල කිලෝමීටර්
එකහමාරක් විතර පයින් ගමනකින් පසුව තමයි මේ දිය ඇල්ල හම්බුවෙන්නෙ. දුර නම් පොඩි උනාට ගමන නම් සෑහෙන්න දුශ්කරයි. පුංචි අඩිපාරක් දිගේ තමයි යන්න තියෙන්නෙ ඒකත්
එකසැරේකට එක්කෙනෙකුට විතරයි.

කොහොමහරි මේ දේවාලය වගේ තැන
ඉඳල තව ටිකක් ගියාම තමයි මේ ලවර්ස් ලීප් දිය ඇල්ල හම්බවෙන්නෙ
එතන ඇතුල් වෙන තැනම බෝඩ් එකක් ගහල තියෙනව වතුර අපිරිසිදු කරන්න එපා කියල
මොකද මේ දිය ඇල්ල බොන්න වතුර ගන්න ජල මූලාශ්රයක් නිසා.
නවිය ඇතුලු කට්ටිය නම් ගියේ නාගෙනත් එන්න කියල ඒ වුනත් ඒ වැඩේනම් කරගන්න බැරි උනා.
කෝකටත් කියල නවිය දිය ඇල්ලෙ
ෆොටෝස් කීපයකුත් මේ එක්කම දාන්නම් කො
No comments:
Post a Comment