අරුමයකි වේදිකාවට දැන් පැමිණි දුම්රිය වෙත මගීන් ඇදුනේ අන් කවර දාවකවත් නොතිබුනු අාකාරයේ හදිස්සියකිනි. තාමත් වේදිකාවේ නොනැවතුන දුම්රිය තුල මගීන් කිහිප දෙනෙකි. තාමත් රේල්ලුව උඩ දුවන දුම්රිය වෙත මිනිසුන් ඇදෙන්නෙ පය පැකිලීමකින් වන ජීවිත අවදානයද නොසලකමිනි. නමුත් ඔවුන් අවසානයේ බලාපොරොත්තුවන්නෙ කුමක්ද එය දුම්රියේ අසුනකි සැබැවින්ම මෙය අරුමයකි. අමිහිරි හඩක් නැගූ යකඩ යකා අවසානයේදී ආයාසයකින් වේදිකාව මත නිසල වූයේ අත්වැටදෙපස එල්ලුනු මගීන් සමූහය ද සමගිනි. නොනැවතී දුවන එන්ජිමේ හඩින් පැවසෙන්නේ නැවතීම තාවකාලික බවකි. සමහරෙක් සතියක් පුරාවට රැකියාවෙන් හෙම්බත් වී නිවෙස් බලා යාමට නොඉවසිලි ඇත්තන් ය. තවත් සමහරෙක් නිවාඩු පාඩුවේ සංචාරය කරන ඇත්තන් ය. තවත් සමහරෙක් ජීවිකාව සඳහා ගොඩවෙති. ගොඩ වෙන කාරණා කොටින්ම අනවශ්‍යය. ඔවුහු දුම්රියට බරක් නොවෙති. අසුනක්ම අරමුණු කරගත් සැම දෙනා ඒ මේ අත ඇදෙන්නෙ නිසසල බිමක වූ සලිතව ඔබමොබ ඇදෙනා කුහුඹුවන් මෙනි. දුම්රිය තවමත් නිසලය නමුත් ඒ තව
මොහොතකි... පසෙකින් ඇසුනේ නියාමකවරයෙකුගේ විසිල් නාදයකි රේල්ලුව කෙමෙන් සසල වීමට යත්න දරයි. එක්වරම ඇසෙන්නෙ කර්කශ වූ විශාල නලාවක ශබ්දයයි. සෙමෙන් සෙමෙන් දෙපැත්තට දුම්රිය පැද්දෙන්න පටන් ගනී. නමුත් ඒ තාලයකට නොවේ ඉබාගාතේ පැද්දෙන්නා ලෙසය. අසුනක් හිමි සැවොම අසුනේ හරිබරි ගැසෙන්නේ දිගු දිනයක, නැතහොත් මහත් වෑයමක අවසානය සනිටුහන් කිරීමට ය.
වතුර බෝතලයක් කෙටි ආහාරයක් විකුනන අය තවමත් තම රාජකාරීන් අවසන් කර නොමැති හැඩය. අන් කවරකු දුම්රියේ ගිමන් හැරියද ඔවුහු ගිමන් නොහරිති. එසේ වුවහොත් ඔවුන්හට තම දරු පවුල් වලට සරණක් විය නොහැකි ය. අන් සරණක් නොමැති ඔවුහු රාත්‍රී දුම්රියේ නැවතුමෙන් නැවතුමට ගොස් ජීවිකාව සරිකරගන්නා හැටි සැබැවින්ම අරුමය.. දුම්රියට වගේ වගක් නැති හැඩය.. ඕ තොමෝ වේගයෙන් උඩුගං බලා අදෙන්නීය.
රාගම ගම්පහ වේයංඔඩ පොල්ගහවෙල රඹුක්කන පසුකරමින් වෙත පැමිණි දුම්රිය හිටිහැටියේම පේරාදෙණිය හංදිය මඳක් පසුකර නැවතිනි. තද නින්දේ සිටි සැවොම හදිසි වෙනස්වේමක් උන නිසාදෝ අසුනෙන් මදක් අදී වටපිට විපරම් කිරීමට උත්සුක වූහ. නමුත් තම ගමනාන්තයකරා තවත් බොහෝ දුරක් ඇති බව පසක් කරගත් බොහෝදෙනා නැවතත් තම සුපුරුදු නින්දට අවතීර්න වූහ. පේරාදෙණිය හංදියේ සිට දුම්රිය මද වේලවක් නවත්වා තබයි කන්ද උඩරට කරා දුම්රිය ඇදෙන නිසාදෝ රාත්‍රී සිහිල පරයා යන තද සීතලක් කින් මුලු දුම්රියම වෙලා ගැනීමට පටන් ගෙන ඇත. තද නින්දකට වී සිටි කෙනෙක් මදක් ඇවිදීමට මෙය අවස්ථාවක් කරගනී. වේදිකා ව මත ඔබ මොබ ඇවිද ඔවුහු මදක් ඉහිල් වීම උත්සහ කරති. තවත් අයෙක් දුම්රිය ගමන් ඇරඹුමෙන් පසු පාපුවරුවක් මතට වී නිසොල් මන්ව සිටීමට උත්සහ කරයි. දැඩි සීතලෙන් පීඩා වින්දද ඔවුන්ට එය ආශ්වාදයක් වූ හැඩය. නමුත් කිසිවක් මුවින් හඩක් නො නැගීමට වග බලාගෙන සිටියහ . වටපිට දැකීමට ඇති එකම ආලෝකය නම් දුම්රියේ ආලෝකයෙන් පරාවර්තනයන් ය. ඉන් එහාට හාත්පසම අන්ධකාරයෙන් වෙලී ඇත.තවමත් දුම්රිය ඉදිරිගමනේ ය. විටෙක ඝෝෂාවකි. තවත් විටෙක තිරිංග හඩවන ශබ්දයකි. දුම්රිය මැදිරි තවමත් නිහඩය. කොටගල වටගොඩ ග්‍රේට් වෙස්ටර්න් රදැල්ල පසුකර දුම්රිය නානු ඔයට කෙමෙන් සේන්දු වෙයි ඒ මාගෙ ගමනාන්තය ද වේ. කුඩා සූත්‍රිකා පහන් කීපයකින් ආලෝකවත් වූ නානු ඔය දුම්රිය පොල අසලින් කර්කශ හඩක් නගමින් දුම්රිය නිසොල්මන් වූයේ මාහට ඉක්මනින් බැසයන්නට කරන ඇරයුමක් විලසිනි. කෙමෙන් කෙමෙන් තම වේගය වැඩි කරගත් දුම්රිය තොමෝ තවත් දවසක ආරම්බය සනිටුහන් කරන අරුණ වැටීමට මද වේලාවකට පෙර තම ගමනාන්තය වූ බදුල්ල කරා ගමන් ඇරඹුවාය.......
මොහොතකි... පසෙකින් ඇසුනේ නියාමකවරයෙකුගේ විසිල් නාදයකි රේල්ලුව කෙමෙන් සසල වීමට යත්න දරයි. එක්වරම ඇසෙන්නෙ කර්කශ වූ විශාල නලාවක ශබ්දයයි. සෙමෙන් සෙමෙන් දෙපැත්තට දුම්රිය පැද්දෙන්න පටන් ගනී. නමුත් ඒ තාලයකට නොවේ ඉබාගාතේ පැද්දෙන්නා ලෙසය. අසුනක් හිමි සැවොම අසුනේ හරිබරි ගැසෙන්නේ දිගු දිනයක, නැතහොත් මහත් වෑයමක අවසානය සනිටුහන් කිරීමට ය.


No comments:
Post a Comment